ලංකාවේ හදන අලුත්ම නැව් 4

කොළඹ නැව් තටාකාංගනයේ නිපදවන අලුත්ම නැව් 4

by Staff writer 31-05-2020 | 10:50 PM

COLOMBO (News 1st) – කො‍ළඹ නැව් තටාකාංගනයේ මේ දිනවල නව යාත්‍රා 4 ක ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

මෙම සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන් විසින්ම සිදුකිරීම විශේෂත්වයකි. අපේ රටට විදේශ විනිමය  උපයන සථානවලින් වැදගත් ස්ථානයක් වන්නේ කොළඹ නැව් තටාකාංගනයි. නැතිනම් කලම්බෝ ඩොක් යාර්ඩ්. සිංගප්රුවට නෞකාවක අලුත්වැඩියා කටයුතු මේ වෙද්දි සිද්ධ වෙමින් පවතී. තවත් පැය කිහිපයකින් ඒ සියලු අලුත්වැඩියා කටයුතු අවසන් කර මේ යාත්‍රාව අපේ රටින් බැහැරට යාමට නියමිතය. අක්කර 22 ක ප්‍රදේශයක පැතිර පවතින කොළඹ නැව් කටාකංගනය යාත්‍රා අලුත්වැඩියා කිරීම, නව යාත්‍රා නිශ්පාදනය ඇතුළු කටයුතු රැසක් සිදුකෙරෙන ස්ථානයකි. එහි සේවකයින් 3500 කට අධික ප්‍රමාණයක් සේවයේ නිරතව සිටින අතර පවතින තත්ත්වයත් සමග මේ දිනවල සේවකට එක්ව සිටින්නේ 1000 කටත් අඩු ප්‍රමාණයකි. කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී ඩී . වී අබේසිංහ  මහතා 2019/2020 අවුරුදු 2 විදේශ විනිමය ලබන ආයතනවලට විශේෂ පහරක් වැදුණු අවුරුදු 2 ක්. ඉතින් ඒ අවුරුදු දෙකේ අපේ ආදායම ඩොලර් මිලියන 60 ක් වාගේ ප්‍රමාණයකට අඩුවුණා. නමුත් අපි අතීතයේදී ඩොලර් මිලියන 140 ක් ඉක්මවලා ආදායම් ලබලා තියෙනවා. දකුණු ආසියාවේ අපි පළමු තැන තියෙන්නේ නැව් අලුත් වැඩියා කිරීම සම්බන්ධයෙන්. කොළඹ නැව් තටාකංගනයේ මේ දිනවල යාත්‍රා 4 ක් නිර්මාණය වෙමින් පවතී. අධිකාරිය සහ ඉන්දියාව වෙනුවෙන් නියමු යාත්‍රා 2 ක් ද මේ වනවිටත් නිර්මාණය වෙමින් පවතී. ඉන් මීටර් 60 ක පමණ දිගින් යුත් යාත්‍රා දෙකක් මේ වනවිට කඩනමින් නිමැවෙමින් පවතින්නේ ඉරාකයට ලබා දීමට ය. එයින් රටට ලැබෙන ආදායම ඩොලර් මිලියන 30 කි. ප්‍රශ්නය
අපිට පැහැදිලි කරලා දෙන්නකෝ මේ කටයුත්ත සිද්ධ කෙරෙන ආකාරය පිළිබඳව.
කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ සමාන්‍යාධිකාරී(සැළසුම් සහ නව ගොඩනැගීම්) තිමිර ගොඩකුඹුර  මහතා
අපි දැන් ඉන්නේ නැව් ගොඩනැගුම් වර්ක්ෂොප් එකේ. මෙතනදි සිද්ධ වෙන්නේ කොටස් එක්ලස් කිරීම. නැව ඩිසයින් වෙනකොට කොටස් කීපයකට කැඩෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ නැව කෑලි කොයි තරම් ප්‍රමාණයක් උස්සලා ඊළඟ නැව එක්ලස් කරන තැනට ගෙනියන කොට ධාරිතාව අනුව කොටස් වශයෙන් වෙන් කරනවා. ඒ කොටසක් තමයි මෙතන මේ නිශ්පාදනය වෙමින් පවතින්නේ. මෙතන මුලික වශයෙන් වෙන්නේ ස්ටිල් වැඩහලෙන් ලබාදෙන කොටස් මෙතන ගෙනල්ලා එකට එකතු කරලා අදාළ හැඩ සහිත ඒ යුනිට් එක නිමවීම. මෙතනින් පස්සේ මේ යුනිට් එක අපි ගාව පේන්ටින් චේම්බර්ස් ඒ කුටීර ඇතුළට ගෙනිච්චට පස්සේ ඒ අවශ්‍ය කරන තීන්ත ආලේප කිරීමෙන් අනතුරුව ඊළඟට ඩොක් එකට යනවා. මේවා නැවත කොටස් වශයෙන් එකලස් කිරීම සඳහා. දෙවන නැවේ ප්‍රධාන කොටස් තමයි මේ නිර්මාණය වෙන්නේ.
ප්‍රශ්නය
බැලු බැල්මට හිතෙනවා ඇති මොකද්ද මේ යකඩ ගොඩ කියලා. යකඩ ගොඩාක් නෙවෙයි මේ තමයි නැවක් එහෙම නැත්තම් යාත්‍රාවක් නිර්මාණය කිරීමේ මුලික අදියර ටික. බලන්න කොච්චර සංකීර්ණද කියලා . මේ ඉදිකරමින් තිබෙන්නේ ඉරාකයට ලබන වසරේ ජනවාරි මාසයේදී ලබාදීමට නියමිතව තිබෙන යාත්‍රාව.
කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ සමාන්‍යාධිකාරී(සැළසුම් සහ නව ගොඩනැගීම්) තිමිර ගොඩකුඹුර  මහතා
මේ යාත්‍රාවේ ඇත්තටම අද වෙනකොට සියයට 63 ක පමණ ප්‍රමාණයක් නිමවෙලා තියෙනවා. නිශ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරලා අවුරුද්දක් විතර වෙනවා. ඊට ඉස්සර මාස 6 ක විතර කාලයක් තිබුණා මේ යාත්‍රාව ඩිසයින් කිරීම සඳහා. දැන් ගත්තාම සම්පුර්ණ කාලය අවුරුදු 1 හමාරක් පමණ වෙනවා. ඔබට බලාගන්න පුලුවන් වියලි තටාකාංගනයක ස්වරුපය මොනවාගේද කියලා. අපි මේකට නැවක් ඇතුළතට ගන්නේ ඈතින් පේන මුහුදු වතුර මේකට පිරෙව්වට පස්සේ. අපිට ඉස්සරහින් පේන ගේට්ටුව හා දෙපැත්තේ පීඩනය සමාන වුණාට පස්සේ මේ ගේට්ටුව එළියට ගන්නවා. අදාළ නැව ඇතුළට ආවයින් පස්සේ නැවත වාරයක් ගේට්ටුව වැසිමෙන් පසු වතුර නැවත වාරයක් ඉවත් කිරීමෙන් නැව අදාළ ස්ථානයේ ස්ථානගත වෙනවා. අවසාන වශයෙන් නැවේ සියලු නිශ්පාදන කටයුතු නිම වුණාට පස්සේ අපි මේ වියළි තටාකාංගනයටත් මේ වතුර පිරුණට පස්සේ මේකට වතුර පිරෙනවා. ඊට පස්සේ අපි මේ සිටින ගේට්ටුව විවෘත වෙනවා. ඒ විවෘත කිරීමෙන් පසුව මේක දියඹට දියත් කරනවා. විශේෂයෙන් අපි මේක ජුලි මාසේ පළවෙනි සතියේදී දියඹට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.