කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වන්න

කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් නිර්දේශ

by Staff writer 31-05-2020 | 8:42 PM

COLOMBO (News 1st) – ජනතාව විශාල වශයෙන් එක්රැස් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබේ.

වසංගත තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ එලෙසම පිළිපදිමින් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය උපරිම සහය ලබා දෙන ලෙසද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ. ගෝලීය වසංගත තත්ත්වයක් වන COVID19 වසංගතයේ දෙවැනි රැල්ලක් නිර්මාණය වීමට ඉඩකඩක් මතුවීමේ අවදානමක් ඇතිවිය හැකි වුවද ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සහයෝගයෙන් මෙම තත්ත්වය පාලනය කල හැකි බවද එම නිර්දේශ මාලාවේ දැක්වේ. මේ සම්බන්ධයෙන් නිරන්තර අවදානය යොමු විය යුතු අතර මුව ආවරණ පැළදවීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම, විෂබීජහරණ දියර භාවිතය පිළිබඳ නිරන්තර අවදානයෙන් පසුවිය යුතු වේ. https://www.facebook.com/NewsfirstSL/videos/654846525365628/