ඊයේ (30) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 62 ක්

කොරෝනා ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළට

by Staff writer 31-05-2020 | 7:10 AM

COLOMBO (News 1st) - මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, ඊයේ (30) තව ත් ආසාදිතයින් 62 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එම පුද්ගලයින් අතර නාවික හමුදා සාමාජිකයින් 25 ක්, කටාර් රාජ්‍යයේ සිට පැමිණි 19 ක්, මාලදිවයිනේ සිට පැමිණි තිදෙනෙකු සහ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 08 දෙනෙකු සිටින බවය. කොරෝනා ආසාදනය වී වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 829 කි. මේ අතර කොරෝනා ආසාදිතව සිටි 27 දෙනෙකු සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගියහ. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 781 කි. කොරෝනා ආසාදිතව මෙරට මියගිය පිරිස 10කි.