by Staff writer 31-05-2020 | 1:45 PM
COLOMBO (News 1st) - කොරෝනා වසංගතය සමග ඉදිරි මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු විය යුතු සුදුසු ක්‍රමවේදයන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
ඒ අනුව මැතිවරණයට තරග කිරීමට අපේක්ෂිත පක්ෂවලට, විද්වතුන්ට සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට එම යෝජනා ඉදිරිපත් කළ හැකිය.
එලෙස ලබාගන්නා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
දැනට එවැනි යෝජනා රැසක් කොමිසමට ලැබී ඇති අතර ඒ පිළිබඳව සහ ඉදිරි මහ මැතිවරණය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව පැවැත්විය යුතු ආකාරය පිළිබඳ ඉදිරියේදී පක්ෂ සාමාජිකයින් හා අදාළ අංශ සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද ජාතික මැතිවරණ කොමිසම පැවසීය.