කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරයන්හි අද ඉරණම

කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරයන්හි අද ඉරණම

කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරයන්හි අද ඉරණම

කර්තෘ Staff writer

31 May, 2020 | 2:46 pm

COLOMBO (News 1st) – කොරෝනා වෛරසය නිසා රට වසා දමා තිබූ කාලයේ ගල්කිස්ස වෙරළ තීරයේ කෘතිමව සිදු කළ වැලි පොම්ප කිරීම බොහෝ දෙනාගේ කතාබහට ලක් විය.

බොහෝ පිරිස් පුදුමයට පත්වුණේ විශාල වියදමක් දරමින් එවන් පාරිසරික සංවේදී ක්‍රියාවක් හදිසියේ සිදුකරන්නේ ඇයිද යන්නයි.

දකුණු කොළඹ වැලි පෝෂණ කිරීමේ ව්‍යාපෘතිය කොටස් තුනකින් සමන්විත වේ.

කැලිඩෝ , අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරයන් සංවර්ධනය කිරීම එම ව්‍යාපෘති වේ.

ව්‍යාපෘතිය ලබාදී තිබුණේ ඩෙන්මාර්කයේ සමාගමකට ය.

සමස්ත ව්‍යාපෘතිය කොන්ත්‍රාත් වියදම රුපියල් මිලියන 889 කි.

දැන් ප්‍රශ්නය පැන නැගී ඇත්තේ කෘතිමව වෙරළ සැකසීමට දැමූ වැලි එම ස්ථාන වලින් සේදී යාමයි.

ලංකාව සුන්දර වෙරල තීරයක් වූ ගල්කිස්ස වෙරළ තීරයේ වැලි දැන් වැලි ඛාදනය වේ.

ගල්කිස්ස වෙරළ තීරයට වැලි ඝන මීටර් 150 000ක් පොම්ප කර අවසන් කෙරුණේ අප්‍රේල් මාසයේදී ය.

කැලිඩෝ වෙරළ තීරයත් මේ වගේමය.

ව්‍යාපෘති වාර්තාවට අනුව , එම වෙරලේ වැලි පොම්ප කිරීම මාර්තු මාසයේ දී අවසන් කර තිබෙනවා .

අඟුලාන වෙරල තීරයේ ද පොම්ප කළ වැලි මුහුදට ගසාගෙන ගොස් තිබේ.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසන්නේ මේ වැලි සැලසුම් කළ ස්ථානවලට ස්වාභාවිකව ගමන් කර ඇති බවයි .

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ පිළිබඳව අදහස් දැක්වූයේ ය.

ප්‍රශ්නය

ගල්කිස්ස වෙරළ තීරයට පුරවපු වැලි මේ වෙද්දි ඛාදනය වෙමින් පවතිනවා. මොකක්ද මේකට හේතුව?

පිළිතුර

එතන ඇති වෙලා තිබ්බ වෙරළ ඛාදනය නිසා අපි කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. එතකොට මෙතනදි අපි අනුගමනය කරපු ක්‍රමවේදය තමයි ගල්කිස්ස එතන තියන ස්ථානයට මුහුද දෙසට වැලි වැඩිපුර නෙරායන විදියට තමයි අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. මේකට කියන්නේ සෑන්ඩ් එන්ජින් මෙතර්ඩ් කියලා අලුත් ක්‍රමයක්. එතනදී අපි වැලි පෝෂණය කරන්නේ එක් ස්ථානයකට පමණයි. එම ස්ථානයේ ඊට පස්සේ වැලි අඩු වෙලා උතුරු දෙසට වෙරළ තීරණ නිර්මාණය වෙන ආකාරයට තමයි වැලි පෝෂණ ව්‍යාපෘතිය කළේ. එක තැනකට ඒ වැලි පෝෂණය සිදු කර නිසා එතනින් වැලි අඩු වෙන එක තමයි සියලු දෙනාම කතා කරන්නේ මේ ඛාදනයක් වෙනවා කියලා.

ප්‍රශ්නය

එතකොට චන්ද්‍රකීර්ති මහත්මයා මේ වෙද්දි කැලිඩෝ වෙරළ තීරයටත් මේ වගේම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. එතන මොකක්ද වෙන්නේ?

පිළිතුර

කළු ගඟ මොය කටට ආසන්නයේ තියන වැලි ප්‍රමාණය කළු ගඟේ බැම්මත් එක්ක එතනින් ඒ වැලි ටික ඉවත් වෙලා තියනවා. ඔබට බලාගන්නට පුලුවන් එම වැලි කියුබ් ප්‍රමාණයත් උතුරු දෙසට ඒ කියන්නේ කළුතර පැත්තේ ඉදලා කොළඹ පැත්තට වෙන්න ඒ වෙරළ තීරය නිර්මාණය වෙලා තියනවා.

ප්‍රශ්නය

අඟුලාන වෙරළ තීරයට ඇති වෙලා තියෙන්නෙත් ඒ වගේම තත්ත්වයකමද?

පිළිතුර

අඟුලානේ භාවිත කරපු ක්‍රමයත් එක්ක මුහුදු දෙසට වැඩි වැලි ප්‍රමාණයක් නෙරා යන විදියට තමයි අපි ඒ ව්‍යාපෘතිය කළේ. මෝසම් කාලය අවසන් වන තෙක් බලා සිටින්නට සිදු වෙයි. මේ වැලි ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් හෙමීට හෙමීට ගමන් කරන්නේ.

ගල්කිස්ස, කැලිඩෝ, අඟුලාන වෙරළ තීරයන්හී අද ඉරණම

ගල්කිස්ස, කැලිඩෝ, අඟුලාන වෙරළ තීරයන්හී අද ඉරණම#lka #News1st

Posted by Newsfirst.lk on Sunday, May 31, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]