යටියන්තොටදී මද්දකට හසුවූ කොටියා මුදා හරී..

Update යටියන්තොටදී මද්දකට හසුවූ කොටියා මුදා හරී..

by Staff writer 30-05-2020 | 9:18 PM

COLOMBO (News 1st) : යටියන්තොටදී ඊයේ මද්දකට හසුව සිටියදී මුදාගත් කොටියා අද වන ළැහැබැකට මුදා හැරිණි.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසුවේ කොටියා මුදා ගැනීමෙන් අනතුරුව ආරක්ෂිතව පිටතට රැගෙන ඒමෙන් පසු යටියන්තොට ප්‍රදේශයේ ආරක්ෂිත වන ළැහැබකට මුදා හැරීමට පියවර ගත් බවයි. ඊයේ යටියන්තොට සී පොත් ජනපදයේ නිවසක් පිටුපසින් මද්දකට හසුව සිටියදී මෙම කොටියා හමුවීමෙන් අනතුරුව යටියන්තොට වනජීවි නිලධාරීන් එම ස්ථානය පැමිණ සත්ත්වයා නිර්වින්දනය කිරීමට පියවර ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/660650184782772/