හෙලිකොප්ටර් යානා අංගනයක් සෝමාවතී පුදබිමට

හෙලිකොප්ටර් යානා අංගනයක් සෝමාවතී පුදබිමට

by Staff writer 30-05-2020 | 8:39 PM

COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සෝමාවතී පුදබිමට පැමිණ සෝමාවතී සෑරදුන් වැඳ පුදා ගත්තේ ය.

ජනාධිපතිතුමා සෝමාවතී රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුව ය. සෝමාවතී පුදබිම බොහෝ අවස්ථාවල ගංවතුර තත්ත්වයන්ට ලක්වන ස්ථානයකි. ඒ හේතුවෙන් සෝමාවතී විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම පරිදි එවැනි ආපදා තත්ත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව ඉදිකළ හෙලිකොප්ටර් යානා අංගනයක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරිණි. https://www.facebook.com/NewsfirstSL/videos/1314238108771785/