විදෙස්ගතව සිට එන ශ්‍රමිකයින්ට කොරෝනා පරීක්ෂණ

විදෙස්ගතව සිට මෙරටට එන ශ්‍රමිකයින්ට කොරෝනා පරීක්ෂණ අනිවාර්යයි

by Staff writer 30-05-2020 | 8:09 AM
COLOMBO (News1st) :  විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ට කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ. ඒ පැමිණෙන ශ්‍රමිකයින් බොහෝ දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමගයි. නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ඩී. එම්. එස්. අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ,  මැදපෙරදිග රටවල් 16ක පමණ රැකියා සඳහා පිටත්ව ගොස් සිටින 23000කට අධික පිරිසක් රැකියා අහිමිව යළි මව්රටට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසු වන බවයි. විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට රැගෙන ඒමට පෙර ඒ ඒ රටවල්වලදී ම කොරෝනා පරීක්ෂාවකට ලක්කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලන බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.