රජයේ වෙබ් අඩවි 2 කට සයිබර් ප්‍රහාරයක්

රජයේ වෙබ් අඩවි 2 කට සයිබර් ප්‍රහාරයක්

by Staff writer 30-05-2020 | 9:49 AM
COLOMBO (News 1st) රාජ්‍ය ආයතන 2 ක වෙබ් අඩවි සයිබර් ප්‍රහාරයකට ලක් ව තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිවලට එලෙස සයිබර් ප්‍රහාරය එල්ල වි ඇති බවයි. මේ සම්බන්ධයෙන්, අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතන වෙත දැනුම් දී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය සඳහන් කළේ, එම වෙබ් අඩවි යථාතත්ත්වයට පත්කිරිමට පියවර ගෙන ඇති බවයි. මෙම ප්‍රහාරය එල්ල කළ පාර්ශව කවුරුන් ද යන්න සෙවීමට මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයිද, පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ය.