මිරිස්ස වරාය පරිශ්‍රයේ වෙඩි තැබීමක්

මිරිස්ස වරාය පරිශ්‍රයේ වෙඩි තැබීමක්

by Staff writer 30-05-2020 | 9:35 AM
COLOMBO (News 1st) : වැලිගම, මිරිස්ස වරාය පරිශ්‍රයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, අද උදෑසන සිදුවු වෙඩි තැබීමෙන්, 'සන් සයින් සුද්දා' නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. තුවක්කරුවන් පැමිණි යතුරුපැදිය හා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ද, පොලීසිය පැවසී ය. පාතාලයේ දෙපිරිසක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි, පොලිසිය සැක පළ කරයි.