මිරිස්සේ 'සන් සයින් සුද්දා'ට වෙඩි

මිරිස්සේ 'සන් සයින් සුද්දා'ට වෙඩි

by Staff writer 30-05-2020 | 9:40 PM

COLOMBO (News 1st) : වැලිගම, මිරිස්ස වරාය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවේ ය.

අද උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 'සන් සයින් සුද්දා' නැමති අන්වර්ථ නාමයෙන් හැදින්වෙන පුද්ගලයෙකි. අද උදෑසන 7.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් 'සන් සයින් සුද්දා' නැමති අනුවර්ත නාමයෙන් හැදින්වෙන පුද්ගයාට වෙඩි තබා ඇති අතර ඔහු ඉන් බේරීම සඳහා ඒ අසළ නිවෙස්වලට දිවයන ආකාරය ඒ අසළ තිබූ CCTV කැමරාවල සටහන්ව තිබුණි. අප වාර්තාකරු සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයෙන් බේරීමට ඔහු ඒ අසළ නිවෙස් තුනකට දිවගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් සන් සයින් සුද්දා නැමත්තාගේ එක් අතකට තුවාල සිදුවී ඇති අතර ඔහු මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. වෙඩි තැබීමෙන් අනතුරුව යතුරු පැදියේ පිටුපස පැමිණි වෙඩි තැබූ පුද්ගලයා ත්‍රීරෝද රථයක නැගී මිරිස්ස මංසන්දිය දෙසට ගොස් තිබේ. පොලීසිය පැවසුවේ එම ත්‍රීරෝද රථයේ හිමිකරු ද අත්තඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා සමග පැමිණි අනෙක් පුද්ගලයා යතුරු පැදියේ නැගී පලායෑමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් අල්ලා‍ගෙන ඔහුට පහර දී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. පසුව සැකකරු වැලිගම පොලීසියට භාර දී ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ ඔහු මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. පොලීසිය සැක පළ කරන්නේ පාතාලයේ දෙපිරිසක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බව ය.   https://www.facebook.com/NewsfirstSL/videos/573450650244652/