මාලිගාවත්තේ වෙඩි තැබීමක්

මාලිගාවත්තේ වෙඩි තැබීමක්

by Staff writer 30-05-2020 | 10:22 PM
COLOMBO (News 1st) : මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේ වෙඩි වැදී තුවාල ලැබු බවට සැකකරන පුද්ගලයෙකු රෝහල් ගතකර තිබේ. අද පස්වරු 5 ට පමණ ලක්සෙත නිවාස සංකීර්ණයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා ඇති බවට ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කළේ ය. ඒ අනුව අද පස්වරුවේ ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක්ද සිදුකළේ ය. තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය. https://www.facebook.com/NewsfirstSL/videos/3209067849154191/