බංගදෙණියේදී වාහන 3ක් ගැටෙයි

බංගදෙණියේදී වාහන 3ක් ගැටෙයි

by Staff writer 30-05-2020 | 6:13 PM

COLOMBO (News 1st) : හලාවත - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ බංගදෙණිය, වෙහෙරකැලේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබිණි.

යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. පසුව ලොරි රථය ත්‍රීරෝද රථයක ගැටෙන ආකාරය CCTV කැමරාවක ද සටහන් වී තිබුණි. තුවාලකරුවන් හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ හා ත්‍රීරෝද රථයේ රියැදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.