පසුගිය වසරේ දුම්රිය ප්‍රමාදවීම් 9718 ක්

පසුගිය වසරේ දුම්රිය ප්‍රමාදවීම් 9718 ක්

by Staff writer 30-05-2020 | 12:29 PM
COLOMBO (News 1st) : පසුගිය වසරේ දුම්රිය ප්‍රමාදවීම් 9718 ක් වාර්තාවී ඇති අතර , ඉන් 5710 ක් ප්‍රමාදවීමට බලපා ඇත්තේ , දුම්රිය සේවකයින්ගේ වැඩවර්ජන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුව ලබා දුන් වාර්තාවක ඒ බව සඳහන්වූ බවයි. වරින්වර සිදුවන දුම්රිය ප්‍රමාදවීම සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන ඒවාට හේතුවන කරුණු සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාව තිබිණ. එන්ජින් නොමැති වීම, මැදිරි නොමැති වීම, රියැදුරන් නොමැති වීම, දුම්රිය පීලි පැනීම් , සංඥා දෝශ , ප්‍රමාණවත් පරිදි මගීන් නොමැති වීම , අයහපත් කාලගුණ තත්ත්වය , ආරක්ෂක හේතුන් ඇතුළු කරුණු මත සෙසු දුම්රියන් ප්‍රමාදවී ඇතැයි එම වාර්තාවේ සඳහන් ය.