නුවරඑළියට අද දවස පුරා නි⁣රෝධායන ඇඳිරි නීතිය

නුවරඑළියට අද දවස පුරා නි⁣රෝධායන ඇඳිරි නීතිය

by Staff writer 30-05-2020 | 6:57 AM
COLOMBO (News 1st) : නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වනවිට ක්‍රියාත්මක නි⁣රෝධායන ඇඳිරි නීතිය හෙට (31) මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක වේ. එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර එම දිස්ත්‍රික්කය තුළ අනෙකුත් සියලුම ගමනාගමන කටයුතු තහනම් වනු ඇත. සෙසු දිස්ත්‍රික්කවලට මීට පෙර ප්‍රකාශිත පරිදි හෙට (31) දවස පුරා ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය. ඊට අමතරව ජූනි 04 වැනි බ්‍රහස්පතින්දා හා ජූනි 05 වැනි සිකුරාදා දෙදින පුරා දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබේ. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.