දිස්ත්‍රික්ක 5ක නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක 5ක නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

by Staff writer 30-05-2020 | 7:30 AM
COLOMBO (News 1st) : දිස්ත්‍රික්ක 5 ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළුතර, ගාල්ල, රත්නපුර, මාතර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.