ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 30-05-2020 | 8:49 AM

COLOMBO (News 1st) : දේශීය පුවත්

1. යටියන්තොටදී තවත් කොටියෙකු මද්දකට හසුවෙයි : යටියන්තොට සී පොත් ජනපදයේ නිවසක් පිටුපස අද තවත් කොටියෙකු මද්දකට හසුව තිබේ. 2. කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1548 දක්වා ඉහළට : අද පස්වරු 9.30 වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. 3. සභාව තුළ පහරදීමකින් මිහින්තලය ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයකුට තුවාල : පොදුජන පෙරමුණට බලය හිමි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට එම පක්ෂයේම පිරිසක් පහරදීමේ සිද්ධියක් අද වාර්තා විය. 4. තොණ්ඩමාන්ගේ දේහය රම්බොඩ නිවසට : අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ දේහය අද රිය පෙරහැරකින් රම්බොඩ, වේවන්ටැන්හි පිහිටි නිවස වෙත රැගෙන යනු ලැබුවේ ය. 5. මහ මැතිවරණයේ පෙත්සම් සලකා බැලීම නැවත කල්යයි : ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන සඳුදා පෙරවරු 10.00 දක්වා කල් තබා තිබේ. 6. නුවරඑළියට නි⁣රෝධායන ඇඳිරි නීතිය පැනවේ : අද මධ්‍යම රාත්‍රී 12 සිට ලබන ඉරිදා (31) මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නි⁣රෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 7. කෙතරම් දුෂ්කරතා පැමිණිය ද ‘පළමුව ජනතාව’ ජනපති ලෝක ප්‍රජාව හමුවේ කියයි : මුහුණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවද ‘පළමුව ජනතාව’ යන ප්‍රතිපත්තිය අත්නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කළේ ය. 8. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා CCDය හමුවට : හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ. 9. මද්දකට හසුව සිටියදී බේරා ගත් කළු කොටියා මියයයි : හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේදී පසුගිය 26 වනදා මද්දකට හසුව බේරා ගත් කළු කොටියා වනජීවි නිලධාරින් භාරයේ ප්‍රතිකාර කරමින් සිටියදී මියගොස් තිබේ.

විදෙස් පුවත්...

1. පොලිස් කෲරත්වයට එරෙහිව අමෙරිකාවේ තුන්වන දිනටත් විරෝධතා : අමෙරිකාවේ පොලිස් කෲරත්වයේ ගොදුරක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරුද්ධව යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා තුන් වන දිනටත් විරෝධතා පැවැත්විය.