ගෆූර් ගොඩනැගිල්ලේ නාවික හමුදා සෙබළුන්ට කොරෝනා නැහැ

ගෆූර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන්ට කොරෝනා නොමැති බවට තහවුරු වෙයි

by Staff writer 30-05-2020 | 6:04 PM

COLOMBO (News 1st) :  කොළඹ, "ගෆූර්" ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනාට කොරෝනා ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, නාවික සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තාවන් අද දිනයේදී ලැබී ඇති බවයි. කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි "ගෆූර්" ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් පසුගිය 28 වැනිදා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනිණි. ඒ, කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයෙකු සොයාගැනීම හේතුවෙනි.