ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

by Staff writer 30-05-2020 | 11:41 AM
COLOMBO (News 1st) : ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි. ඊයේ අලුයම මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම යන චෝදනා යටතේ, මොවුන්ගේ වැඩ තහනම් කර තිබේ. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට කිසියම් පිරිසක් ඊයේ අලුයම වෙඩි තැබීම සිදු කර තිබිණ. සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුව නොමැති අතර ආපනශාලාවට අලාභ හානි සිදු ව තිබේ. මෙම මස 19 වැනි දින ද කිසියම් පිරිසක් මෙම ආපන ශාලාවට පහර දී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.