සමස්ත ආසාදිතයින් ගණන 1558ක් දක්වා ඉහළට

සමස්ත ආසාදිතයින් ගණන 1558ක් දක්වා ඉහළට

by Staff writer 30-05-2020 | 6:45 AM
COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1558 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ තවත් ආසාදිතයින් 28 දෙනෙකු සොයා ගැනීමත් සමගයි. ඉන් 11 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි අය වන අතර අනෙක් 17 දෙනා නාවුක හමුදා සාමාජිකයින් ය. මේ වන විට රෝගීන් 794 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිිටිති. මේ අතර කොරෝනා ආසාදිතව සිටි 09 දෙනෙකු සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව, සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 754 ක් වනවා. කොරෝනා ආසාදිතව මියගිය පිරිස 10 කි.