අර්ජුන මහේන්ද්‍රන්ට අත පිහදාගන්න දෙයිද?

අර්ජුන මහේන්ද්‍රන්ට අත පිහදාගන්න දෙයිද?

by Staff writer 30-05-2020 | 10:01 PM

COLOMBO (News 1st) : බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සැකකරුවෙක් වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙබ් අඩවියකට යොමු කළ ලිපියකින් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

බැදුම්කර වංචාව යනු, බිලියන ගණනක මහජන මුදල් ගසා කෑ මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාවයි. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සැකකරුවෙක් වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙබ් අඩවියකට යොමු කළ ලිපියකින් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඒ, මේ වංචාව වෙලා වසර 5කට විතර පස්සේ ය. බැදුම්කර වංචාව යනු බිලියන ගණනක මහජන මුදල් ගසා කෑ මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාවයි. වසර 5කට පෙර රුපියල් බිලියනයක් වසර 30ක කාලයක් සඳහා හිටපු මහබැංකු අධිපති මහේන්ද්‍රන් යටතේ බැදුම්කර වෙන්දේසියක් සිදු විය. මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස්ට අයිති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම එම වෙන්දේසියෙන් විශාල කොටසක් අත්පත් කරගත්තේ ය. මෙම වෙන්දේසිය ගැන හොයපු කෝප් කමිටු දෙකකින් මහේන්ද්‍රන් වගකිව යුතු බව ජනතාවට අනාවරණ කළේ ය. මින් වැදගත්ම අනාවරණයන් සිදුවූයේ, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හරහායි. අද දින මහේන්ද්‍රන් විසින්ම ලියා පල කළ බව කියන ලිපියක දැක්වෙන්නේ ඔහු කිසිදු විටක රහස්‍ය තොරතුරු ඔහුගේ බෑනා වන ඇලෝෂියස්ට හෝ සමාගමට නොදුන් බව ය. නමුත් ඇත්ත මොකක්ද ? ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අඩු වියදමකින් ඉහළ පොලී අනුපාත යටතේ බැදුම්කර විශාල ප්‍රමාණයක් ලබාගැනීමට මහේන්ද්‍රන් කටයුතු කළ බව දැක් වේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ සඳහා වූ රහස්‍ය තොරතුරුවල මූලාශ්‍රය අර්ජුන මහේන්ද්‍රන් බව ය. පසුගිය ජනාධිපතිවරණයට පෙර එවක විපක්ෂය දිගින් දිගටම අනාවරණ කළේ, බැදුම්කර වංචාවට සම්බන්ධ මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත යුතු බවයි. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී බැදුම්කර වංචාව හරහා මෙරටට සිදුවූ පාඩුවට අර්ජුන මහේන්ද්‍රන් සෘජුව වගකිව යුතු බව පැහැදිලිව දක්වා තිබේ. විද්වතුන්ට අනුව වෙන්දේසියෙන් සිදුවූ පාඩුව රුපියල් බිලියන 12කට අධික වුවත් ඉදිරි කාලයේදී එය ට්‍රිලියන ගණනක් විය හැකි ය. නැවත අවධාරණය කළ යුතු කරුණක් වන්නේ මේ බැදුම්කර වංචාව හරහා වැඩියෙන්ම පාඩුවක් සිදුවූයේ මෙරට ජනතාව දුක් මහන්සි වී තම අනාගත ඉතිරි කරගැනීමට මුදල් තැන්පත් කළ සේවක අර්ථසාධක අරමුදලට ය. විමර්ශනයන්ට අනුව සේවක අර්ථසාධක අරමුදලට සිද්ධ වුණ පාඩුව රුපියල් බිලියන 8කට වැඩි ය. අර්ජුන මහේන්ද්‍රන් පමණක් නොව මහමොලකරුත් වගකිවයුතු බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සි⁣ටියේය. ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා කියන විදිහට මහ මොලකරු කව්ද? අර්ජුන මහේන්ද්‍රනුත් මහමොලකරුත් තවමත් නිදැල්ලේ ඉන්නේ ඇයි ? අද ලංකාවේ ආර්ථිකය ගෝලීය අවදානමත් එක්ක වැටිලා තියෙන්නේ. අපේ ගොවීන් , ධීවරයින් , සුළු මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර ඒ සියලු දෙනාම ජීවන අරගලයක නිරත වේ. මෙවැනි තත්ත්වයක් තිබියදී බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න හොයන අර්ජුන මහේන්ද්‍රන් නැමති මොහු විදේශ රටක සැඟවී සිට ඔහුගේ නම සුද්ද කරගැනීමට තැත් කරයි. ඔහු නිර්දෝෂි නම් ඇයි මෙරටට පැමිණ මේ චෝදනාවලට මුහුණ දෙන්න බැරි ? මෙවැනි ලියුම් පිටිපස සැඟවී චෝදනාවලින් නිදහස් විය නොහැකි ය. මින් ඔප්පු වන්නේ තමන් වැරැද්දක් කර ඇති බව නොවේද ? https://www.facebook.com/NewsfirstSL/videos/917399292033694/