හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

30 May, 2020 | 1:33 pm

COLOMBO (News 1st) : හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ, කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මිය යනවිට ඒ මහතා 88 වන වියේ පසුවිය.

මාර්ෂල් පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වේ.

අභාවප්‍රාප්ත මාර්ෂල් පෙරේරා මහතාගේ දේහය හෙට සහ අනිද්දා දහවල් වන තුරු කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා බදුල්ලේදී සිදුකිරීමට නියමිත ය.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]