සඳුදා සිට බස් සහ දුම්රිය ධාවනය ඉහළ දැමීමට පියවර

සඳුදා සිට බස් සහ දුම්රිය ධාවනය ඉහළ දැමීමට පියවර

සඳුදා සිට බස් සහ දුම්රිය ධාවනය ඉහළ දැමීමට පියවර

කර්තෘ Staff writer

30 May, 2020 | 7:15 am

COLOMBO (News 1st) : අනිද්දා සිට දුම්රිය 33 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළ්, සේවා අවශ්‍යතා පදනම් කර ගනිමින් දුම්රියේ ගමන් කිරීමට පුද්ගලයින් 19,593 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි.

බස් රථ 5000 කට අධික සංඛ්‍යාවක් ලබන සතියේ ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇතැයි, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, මේ වන විට බස් රථ 4800 ක් ධාවයට එක් කර ඇති බවයි.

අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200 ක් ධාවනය සඳහා එක් කිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]