විදෙස් රටවල සිටි ලාංකිකයින් 303ක් දිවයිනට

විදෙස් රටවල සිටි ලාංකිකයින් 303ක් දිවයිනට

by Staff writer 30-05-2020 | 12:22 PM
COLOMBO (News 1st) : මෙරටට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 303 ක් රැගෙන ශ්‍රී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද අලුයම දිවයිනට පැමිණියහ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය අලුයම 5.50 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණියේ ය. මේ අතර ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි මෙරට ත්‍රිවිධ හමුදා වල සාමාජිකයන් 18 දෙනෙකු රැගත් යානය මෙරටට ළගා වුණේ, අද අලුයම 4.45 ට යි. එලෙස පැමිණි සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.