by Staff writer 30-05-2020 | 12:24 PM
COLOMBO (News 1st) : මුඛ ආවරණ නොමැතිව සහ සමාජ දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කළ පුද්ගලයින් 132 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ , ඊයේ අලුයම 04 සිට ඊයේ රාත්‍රි 10 දක්වා රට පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන හා රෙගුලාසි උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ පසුගිය 26 වැනිදා සිට මේ දක්වා මුව ආවරණ නොමැතිව සහ සමාජ දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කළ පුද්ගලයින් 912 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.