by Staff writer 30-05-2020 | 12:35 PM
COLOMBO (News 1st) : ධවල මන්දිරය අසල හා අමෙරිකාවේ ප්‍රදේශ රැසක දැඩි විරෝධතා හටගෙන තිබේ.
ඒ එරට, මිනියාපොලිස්හිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතකයෙකු ඝාතනය කිරීමට එරෙහිවයි.
ප්‍රදේශ රැසක විරෝධතාකරුවන් හා පොලිස් නිලධාරීන් අතර ගැටුම් හටගෙන ඇති බව විදෙස් වාර්තා අනාවරණ කළේ ය.
මිය ගිය කළු ජාතික පුද්ගලයා ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති 46 හැවිරිදි අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකි.
අමෙරිකාවේ නිව්යෝර්ක්, කැලිෆෝනියා හා මිනෙසෝටා ප්‍රදේශවල මෙම ගැටුම් උග්‍ර වී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් මිනියාපොලිස් හි සේවය කළ හිටපු පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබන සඳුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සේවයෙන් පහකර තිබේ.