කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට

කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට

කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට

කර්තෘ Staff writer

30 May, 2020 | 9:00 am

COLOMBO (News 1st) : මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර අවසන් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඇත් අතුරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයක් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේදී ඊයේ රාත්‍රීයේ සිදුකළේ ය.

හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේදී පසුගිය 26 වනදා මද්දකට හසුව බේරා ගත් කළු කොටියා වනජීවි නිලධාරින් භාරයේ ප්‍රතිකාර කරමින් සිටියදී ඊයේ මිය ගියේ ය.

කළු කොටියා අසුවු මද්ද ඇටවීම සම්බන්ධයෙන් සැකපිට අදාළ වගා බිමේ හිමිකරු බව පුද්ගලයෙකු පසුගිය 27 වනදා අත්අඩංගුවට ගනිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]