හෝමාගම ග්‍රවුන්ඩ් එක හිඟාකාලා හරි හදනවා!

හෝමාගම ග්‍රවුන්ඩ් එක හිඟාකාලා හරි හදනවා! - ඇමති බන්දුල ගුණවර්ධන

by Staff writer 29-05-2020 | 9:55 PM

COLOMBO (News 1st) : සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

මම අර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයත් මගේ හිතෙන් හදවතින් අත් ඇරලා නෑ. මම බලාපොරොත්තු වෙනවා රජයේ සතයක්වත් නැතුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සතේකුත් නැතුව රටට අනාගතය සඳහා අවශ්‍ය වෙනවා නම්, එවැනි විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මම විශ්වාස කරනවා ඉදිරි කාලයේදී මට පුළුවන් වෙයි වෙනත් රටකින්, රාජ්‍යයකින් , ආයතනයකින් මේ මිලියන 30 විතර ඉල්ලා ගන්න. මම කොහාට හරි ගිහිල්ලා හිඟා කාලා වෙන රටකින් මුදල් හොයාගෙන කරන එක. ඒකට අකමැතිද ඔබතුමා. අමාත්‍යවරයාගේ හදවතේ කතාවට කිසිවෙකුත් විරුද්ධ නොවනු ඇති. නමුත් අමාත්‍යවරයාගේ සිතුම් පැතුම් ඉටුකර ගැනීම සඳහා මහජනයාට හිමි භූමිය භාවිත කිරීම කොයිතරම් දුරට සාධාරණ දැයි ප්‍රශ්න කෙරෙනු ඇති. ලෝකේ වටේ ගොස් හිඟා කා ලබා ගන්නා මුදලින් අමාත්‍යවරයා මේ ක්‍රීඩාංගණය ඉදිකරනුයේ තම පෞද්ගලික නැතිනම් ඥාතියෙකුගේ එසේත් නොමැතිනම් මිත්‍රයෙකුගේ ඉඩමකනම්, එය කිසිවෙකුත් ප්‍රශ්න නොකරනු ඇති. එය කෙසේ වුවත් මෙරට මහජන ඡන්දයෙන් තේරීපත්ව මහජන මුදලින් නඩත්තු වන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙන්න ආණ්ඩුවේ ප්‍රබලයෙකු ලෙස තම සිතැඟි පරිදි පමණක් ඔහුට කටයුතු කළ හැකිද ? කොළඹ වටේම ක්‍රීඩාංගණ තිබියදී බිලියන 9 ක් වැය කර හෝමාගමට ක්‍රීඩාංගණයක් කෙසේ හෝ ඉදිකිරීමේ අමාත්‍යවරයාගේ අවශ්‍යතාව කුමක්ද? සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
අපි බොහොම උපේක්ෂා සහගත මනුෂ්‍යයෝ. මොකද අපි දන්නවානේ තොණ්ඩමාන් ඇමතිතුමා 55 න් ගියේ ඔබටයි මටයි තව වැඩිපුරම යන්න පුලුවන් වෙයි වෙසක් පෝය දවස් 20 ක් පන්සල් එතකන් තමයි මේ ඔක්කොම කරන්නේ.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ අදහස දේශපාලනයෙන් විශ්‍රාම යාමට පෙර ඔහුගේ නම ජාත්‍යන්තරයට රැගෙන යාමටදැයි අපට නොවැටහේ. ඇතැම් දේශපාලඥයින් කළ පරිදි මේ ක්‍රීඩාංගණය ඔහුගේ නමින් නම් කර ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇද්දැයි අප නොදනී. කෙසේ වෙතත් හෝමාගම ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙසෙන අසරණ ජනතාව වෙනුවෙන් කළ යුතු බොහෝ දෑ තිබියදී රුපියල් බිලියන 9 ක් වියදම් කරමින් අදාළ ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගත් ස්ථාවරය ද තවම අත්හැර නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා
එදාම ගරු අගමැතිතුමා කිවුවා මේක දැනට ගරු ඩලස් ඇමතිතුමාට මේක ශ්‍රී ලංකා ක්‍රිකට් එකට පවරලා දීලා සාමාන්‍ය ක්‍රීඩාංගණයක් දැනට හදාගෙන යන්න කියලා . ඉතින් ඉස්සරහට අපි බලලා ෆිනෑන්ෂල් ස්ටැබිලිටි හදන්න දීලා තියෙනවා. ඉතින් ඒක බැලුවට පස්සේ අපි බලලා ඒක තීරණය කරනවා.
ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම සම්බන්ධව සිදු වූ ගනුදෙනු පිළිබඳව කෝප් කමිටුවේද කරුණු අනාවරණ වී ඇති පසුබිමක නැවත තවත් ක්‍රීඩාංගණයක් සෑදීමට කටයුතු කරන බව පෙනී යයි.   https://www.facebook.com/NewsfirstSL/videos/565559114096758/