යටියන්තොටදී තවත් කොටියෙකු මද්දකට හසුවෙයි

යටියන්තොටදී තවත් කොටියෙකු මද්දකට හසුවෙයි

by Staff writer 29-05-2020 | 10:29 PM

COLOMBO (News 1st) : යටියන්තොට සී පොත් ජනපදයේ නිවසක් පිටුපස අද තවත් කොටියෙකු මද්දකට හසුව තිබේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ කොටියා මද්දත් සමග ඒ ආසන්නයේ තේ ගසක පැටලී සිටි බවයි. ප්‍රදේශවාසීන් විසින් දැනුවත් කිරීමෙන් පසු යටියන්තොට වනජීවි නිලධාරීන් එම ස්ථානය පැමිණ සත්ත්වයා නිර්වින්දනය කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේදී පසුගිය 26 වැනිදා මද්දකට හසුව බේරා ගත් කළු කොටියා වනජීවි නිලධාරින් භාරයේ ප්‍රතිකාර කරමින් සිටියදී අද මිය ගියේය.