මැතිවරණයට අදාළව කණ්ඩායම් හමු සිදුවන බවට පැමිණිලි

මැතිවරණයට අදාළව කුඩා කණ්ඩායම් හමු සිදුවන බවට පැමිණිලි

by Staff writer 29-05-2020 | 12:55 PM
COLOMBO (News 1st) : ඉදිරි මහ මැතිවරණයට අදාළ කුඩා කණ්ඩායම් හමු සංවිධානය වන බවට පැමිණිලි ලැබෙමින් ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ , මනාප අංක නිකුත් කර නොමැති පසුබිමකයි. රටේ පවතින සෞඛ්‍ය තත්වය පිළිබඳව නොතකමින් මෙම රැස්වීම් පැවැත්වෙන බවට , තොරතුරු ලැබී ඇති බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. එවැනි අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ නීති යටතේ ක්‍රියා කරන්නැයි පොලීසිය වෙත දැනුම්දී ඇති බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.