මහ මැතිවරණය : පෙත්සම් සලකා බැලීම අද 9 වන දිනටත්

මහ මැතිවරණය : පෙත්සම් සලකා බැලීම අද 9 වන දිනටත්

by Staff writer 29-05-2020 | 1:01 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා පසුගිය මාර්තු 02 වැනිදා නිකුත්කළ ගැසට් නිවේදනය සහ ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි, ඉල්ලා ගොනු කළ පෙත්සම් අද 9 වන දිනටත් සලකා බැලීමට නියමිතයි. ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.