මද්දකට හසුව සිටියදී බේරා ගත් කළු කොටියා මියයයි

මද්දකට හසුව සිටියදී බේරා ගත් කළු කොටියා මියයයි

by Staff writer 29-05-2020 | 11:44 AM
COLOMBO (News 1st) : හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේදී පසුගිය 26 වනදා මද්දකට හසුව බේරා ගත් කළු කොටියා වනජීවි නිලධාරින් භාරයේ ප්‍රතිකාර කරමින් සිටියදී මියගොස් තිබේ. සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පියවර ගෙන ඇති බව වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත කළු කොටියාගේ සිරුර රැගෙන ඒමෙන් අනතුරුවයි. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද පියවර ගන්නා බව වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. කළු කොටියා හසුවු මද්ද ඇටවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පසුගිය 27 වනදා අත්අඩංගුවට ගැනිණ. එම පුද්ගලයා අදාළ වගා බිමේ හිමිකරු බව අප වාර්තාකරු පැවසී ය. නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කෝවිල අසල එළවළු වගා භූමියක අටවා තිබූ මද්දට හසුවු කළු කොටියා බේරා ගැනුනේ, පසුගිය 26 වනදායි. අතිශය දුර්ලභ සත්ත්වයෙකු වන මෙම කළු කොටියා මෙරට සිටි එම වර්ගයේ එකම සත්ත්වයා බවට විශ්වාස කෙරේ. වනජිවි නිලධාරීන් පැමිණ නිර්වින්දනය කර බේරා ගන්නා විටත් කොටියා තුවාල ලබා සිටි අතර ප්‍රතිකාරවලින් පසු ප්‍රකෘති තත්ත්වයට පත්විය. ලොව වෙසෙන කොටින් වර්ග 8 ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නමැති උපවිශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ගහණය සීමිත වීම නිසයි. https://www.facebook.com/NewsfirstSL/videos/185131956133680/