බෙලරූස් සිට ලාංකිකයින් 277ක් දිවයිනට

බෙලරූස් සිට ලාංකිකයින් 277ක් දිවයිනට

by Staff writer 29-05-2020 | 6:48 AM
COLOMBO (News 1st) : බෙලරෑස්හි මින්ස්ක් නුවර සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු ඊයේ රාත්‍රීයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. පැමිණි පිරිසෙන් වැඩි දෙනෙකු උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදෙස්ගතවූවන් ය. මෙරටට ළඟා වූ එම පිරිස ඊයේ රාත්‍රීයේ ම නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබේ. මේ අතර, ජපානයේ සිට පැමිණි යානයකින් ජපන් ජාතිකයින් 8 දෙනෙකු මෙරටට පැමිණි බව, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සඳහන් කළේ ය. එම ගුවන් යානය අද අලුයම 4.08 ට මෙරටට ළඟා වී තිබේ.