පැය 6ක් තුළ ඇඳිරි නීතිය කැඩූ 143ක් අත්අඩංගුවට

පැය 6ක් තුළ ඇඳිරි නීතිය කැඩූ 143ක් අත්අඩංගුවට

by Staff writer 29-05-2020 | 9:13 AM
COLOMBO (News 1st) : පැය 6 ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඇඳරි නීතිය ක්‍රියාත්මක ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ වාහන සංඛ්‍යාව 45 ක් සිය භාරයට ගත් බවයි. පසුගිය මාර්තු 20 වන දා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ පුද්ගලයින් 66 662 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගෙන තිබේ. එම කාලය තුළ පොලීසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 18778 කි. පසුගිය මාර්තු 18 වන දා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇදිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 22591කි.