නුවරඑළියට නි⁣රෝධායන ඇඳිරි නීතිය පැනවේ

නුවරඑළියට නි⁣රෝධායන ඇඳිරි නීතිය පැනවේ

by Staff writer 29-05-2020 | 7:33 PM

COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රී 12 සිට ලබන ඉරිදා (31) මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නි⁣රෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර එම දිස්ත්‍රික්කය තුළ අනෙකුත් සියලුම ගමනාගමන කටයුතු තහනම් වනු ඇත. මේ අතර, මීට පෙර නිකුත් කළ නිවේදනයට අනුව ලබන 31 වන දින දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.