තොණ්ඩමාන්ගේ දේහය රම්බොඩ නිවසට

තොණ්ඩමාන්ගේ දේහය රම්බොඩ නිවසට

by Staff writer 29-05-2020 | 8:01 PM

COLOMBO (News 1st) : අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ දේහය අද රිය පෙරහැරකින් රම්බොඩ, වේවන්ටැන්හි පිහිටි නිවස වෙත රැගෙන යනු ලැබුවේ ය.

හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ දේහය ඊයේ සවස සිට අද අලුයම දක්වා කොළඹ පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයේ තැන්පත් කර තිබුණි. අද උදෑසන දේහය කොළඹ වරායේ හෙලිකොප්ටර අංගනය වෙත රිය පෙරහැරකින් රැගෙන ආවේ ය. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එතැන් සිට දේහය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකින් ගම්පොල, වීගුලවත්ත නගර සභා ක්‍රීඩාංගණය වෙත රැගෙන ගිය බවයි. එතැන් සිට වේවන්ටැන් නිවස වෙත දේහය රිය පෙරහැරකින් රැගෙන යනු ලැබුවේ ය. හෙට උදෑසන අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ දේහය නුවරඑළිය , නානුඔය , ලබුකැලේ , ලින්දුල , තලවකැලේ හරහා කොටගල සී එල් එෆ් ශාලාව වෙත රැගෙන ගොස් අවසන් ගෞරව දැක්වීම පිණිස එහි තැම්පත් කෙරේ. ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අවසන් කටයුතු 31 වැනි ඉරිදා පස්වරු 4 ට රාජ්‍ය අනුග්‍රහය සහිතව නෝර්වුඩ්හි සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ. https://www.facebook.com/NewsfirstSL/videos/541008116807217/