ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 29-05-2020 | 7:46 AM

දේශීය පුවත්

1. ආරුමුගන් තොණ්ඩමාන්ගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට : අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවේ ය. 2. මැයි 31, ජුනි 04 හා 05 දිවයිනටම ඇඳිරි නීතිය : මැයි 31 ඉරිදා, ජුනි 04 හා 05 දවසපුරා දිවයිනටම ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 3. ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 2500 ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය : “එක සමාන ගිවිසුමක් නමුත් ආණ්ඩුව වෙනස්” එක් ගොවියෙක් අද උදෑසන සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ කම්පන සහගත කැබිනට් නිවේදනය විස්තර කරනු ලැබුවේ ඒ ආකාරයටයි. 4. මහ මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි : ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තුව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි, ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමට ශේෂ්ඨාධිකරණය අද දින නියම කළේ ය. 5. ‘ගෆූර්’ ගොඩනැගිල්ලේ සිටි නාවික සෙබළුන් 200ක් නිරෝධායනයට : කොළඹ, කොටුව ‘ගෆූර්’ ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් නිරෝධනයට යොමු කර තිබේ. 6. කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට 6.50Pm : මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළ ගොස් තිබේ. 7. සහල් අලෙවි කිරීමේ උපරිම මිල සංශෝධනය වෙයි : සහල් වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අද යළි සංශෝධනය කර තිබේ. ඒ අනුව, කීරි සම්බා සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල රුපියල් 120කි.

විදෙස් පුවත්.....

1. COVID-19: ස්පාඤ්ඤයේ මිය ගිය අය සිහි කිරීමට දින 10ක ශෝක කාලයක් : COVID-19 වසංගතයෙන් මිය ගිය ස්පාඤ්ඤ ජාතිකයන් සිහි කිරීමට එරට රජය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබේ.