උපරිම සිල්ලර මිල ඉක්මවන සහල් වෙළඳු සොයා වැටලීම්

උපරිම සිල්ලර මිල ඉක්මවන සහල් වෙළඳු සොයා වැටලීම්

by Staff writer 29-05-2020 | 10:58 AM
COLOMBO (News 1st) : පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවිකරන වෙළඳුන් සොයා අද සිට වැටලීම් ක්‍රියාත්මක බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ, ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක බවයි. පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවිකරන වෙළඳුන්ට එරෙහිව තදින් නිතිය ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසී ය. සහල් වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඊයේ යළි සංශෝධනය කෙරිණ. ඒ අනුව කීරි සම්බා සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල රුපියල් 120කි. සම්බා සඳහා සංශෝධිත උපරිම මිල රුපියල් 98 ක් වන අතර, නාඩු කිලෝග්‍රෑමයක් සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල රුපියල් 96 කි. කොරෝනා වසංගතයත් සමග රටේ මතුවු තත්ත්වය හේතුවෙන් සහල් සඳහා වු උපරිම සිල්ලර මිල අවස්ථා කිහිපයකදී වෙනස් විය.