ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා CCDය හමුවට

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා CCDය හමුවට

by Staff writer 29-05-2020 | 12:23 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ. ඒ ඉකුත් මාර්තු 18 වෙනි දින කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ප්‍රකාශක් කර ජනතාව තුළ අනිසි බියක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි, සඳහන් කරමින් කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. පොලිස් මාධ්‍යය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.