මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ආරවුලක් 

සභාව තුළ පහරදීමකින් මිහින්තලය ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයකුට තුවාල

by Staff writer 29-05-2020 | 9:12 PM

COLOMBO (News 1st) :  පොදුජන පෙරමුණට බලය හිමි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට එම පක්ෂයේම පිරිසක් පහරදීමේ සිද්ධියක් අද වාර්තා විය.

මිහින්න්තලේ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී උපාලි ආනන්ද මහතා සිද්ධියෙන් තුවාල ලැබීමෙන් පසුව සභාවෙන් පිටතට පැමිණියේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මිහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි ආනන්ද මහතා
මෙන්න සළකන විදිය. මේකද ප්‍රජාතන්ත්‍රවාදය. ගරු ජනාධිපතිතුමනි. අහිංසක මිනිස්සු වෙනුවෙන් සභාවේ කතා කෙරුවට මෙන්න සළකපු විදිය. මට අමාරුයි. මට අමාරුයි. මිනිස්සු වෙනුවෙන් නැගී සිටින අයට කරන සැළකිල්ල මේකද. මට පුලුවන් දේ සභාව කතා කරන්න ගිහිල්ලා මට සළකපු විදිය. අවුරුදු දෙකක් තිස්සෙ මං මේක තමයි කියන්නෙ. මේ සභාව අත්හිටුවන්න
මෝටර් රථයකින් මන්ත්‍රීවරයා රෝහල කරා රැගෙන ගියේ ය. මාධ්‍යවේදී ප්‍රශ්නය
කවුද ගැහුවේ ?
පිළිතුර නිපුන නිපුන. ගලකින් ගැහුවා. ඔක්කොම මන්ත්‍රීවරු අල්ලගෙන පෙරලුවා.පෙරලලා ගැහුවා.ලලිත් යකඩ පොල්ලක් ගෙනාවා. පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා මිහින්තලේ මුලික රෝහලට ඇතුලත් කෙරුණි. එක්සත් ජාතික පක්ෂයේ මිහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික රාජපක්ෂ මහතා
අද දින සභාව රැස්වෙලා කරගෙන යන ගමන් උපාලි ආනන්ද මන්ත්‍රීතුමා පසුගිය සභාවේ යෝජනාවකට විරුද්දව කතා කිරීම සම්බන්දයෙන් සභාව කලබලකාරී තත්ත්වයකට පත්වුණා. මිහින්තලේ ජනතාවට සිදුවන අකටයුතුකම් හෙළිකිරීම සම්බන්දයෙන් ඔහු දැඩි සේ අද දිනත් කතා කළා. ඒ කතා කිරීම සම්බන්දයෙන් තමයි අද මෙතන ප්‍රශ්නයට ලක්වුණේ. කිසියම් පොර බැදීමක් සිදුවුණා. ගලක් අතට අරගෙන ගහපු ප්‍රශ්නයක් තමයි ඒ තියෙන්නේ.
මුලික ප්‍රතිකාරවලින් අනතුරුව මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවුණි. මිහින්තලේ රජ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
මෙන්න සභාවේ වැඩ. මහජන ජන්දයෙන් පත්වෙලා ගියාට පස්සෙ සාධාරණය වෙනුවෙන් කතා කලාට පස්සේ සභාවෙ ගේට්ටුව වහලා ගල්වලින් යකඩවලින් තමයි ගහලා තියෙන්නෙ. මරන්න හදලා තියෙන්නෙ. පූරුවෙ වාසනාවකට මැරිලා නෑ.ජනාධිපතිතුමාට ,අගමැතිතුමාට ,ආණ්ඩුකාරතුමාට කියනවා සභාව පළාත් කොමසාරිස්වරයා යටතට ගන්න.
අනුරාධපුර රෝහලේ අධක්‍ෂවරයා පැවසුවේ අදාළ මන්ත්‍රීවරයා හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. මෙම සිද්ධිය සම්බන්දයෙන් මන්ත්‍රීවරයාගේ ඥාතීන් මිහින්තලේ පොලීසියට පැමිණිලි කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/3030959913654317/