රාජිතගේ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම ලබන 11 වනදා

රාජිතගේ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම ලබන 11 වනදා

රාජිතගේ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම ලබන 11 වනදා

කර්තෘ Staff writer

29 May, 2020 | 1:05 pm

COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සඳහා ලබන 11 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.

ඒ එම පෙත්සම් අද සලකා බලමිනි.

ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලුණේ, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේයි.

මහාධිකරණය විසින් ඇප අවලංගු කරමින් පසුගිය 13 වැනිදා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කිරීමට තරම් සාධාරණ හා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ප්‍රකාශ කළේ ය.

එබැවින් නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ රාජිත සේනාරත්න මහතාගේ ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙසයි.

එම ප්‍රතිශෝධන අයදුම්පත් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් අද සිදුකරනු ලැබී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]