by Staff writer 29-05-2020 | 8:50 PM
COLOMBO (News 1st) : ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දැනට එකඟ වී ඇති හවුල් ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්ක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත දැනුම් දුන්නේ ය.
පසුගිය මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අක්ත පත්‍රය පිළිගැන්වූ ඉන්දීය නව මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද ජනාධිපතිතුමා හමු විය.
මෙහිදී ඉන්දීය අගමැති මෝදි මහතාගේ සුබ පැතුම් පිළිගන්වමින් නව මහකොමසාරිස්වරයා පැවසුවේ කොරෝනා වසංගතයට එරෙහි සටනේ සාර්ථකත්වයට ජනාධිපතිතුමන් දෙන නායකත්වය අගය කරන බවයි.
පසුගිය සෙනසුරාදා ඉන්දීය අගමැතිවරයා හා කළ දුරකතන සාකච්ඡාව පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළේ ය.
ශ්‍රී ලාංකිකයින්ට වැඩිපුර ශිෂ්‍යත්ව ලබාදීමටත්, ආර්ථික, සහ වෙළෙඳ සහයෝගීතාව වර්ධනටයත් මෙහිදී එකඟතාව පල කෙරිණි.
https://www.facebook.com/NewsfirstSL/videos/251260326097314/