කොරෝනා ආසාදිතයින් ගණන 1530ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 1530ක් දක්වා ඉහළට

by Staff writer 29-05-2020 | 6:53 AM
COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1530 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ තවත් ආසාදිතයින් 61 දෙනෙකු සොයා ගැනීමත් සමගයි. ඉන් 35 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි අය වන අතර අනෙක් 26 දෙනා නාවුක හමුදා සාමාජිකයින් ය. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 775 කි. මේ අතර, කොරෝනා ආසාදිතව සිටි 13 දෙනෙකු සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව, සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 745 කි. කොරෝනා ආසාදිතව මියගිය පිරිස 10 කි.