ලාංකිකයින් ගෙන්වීමේදී රජ⁣යෙන් බලපෑමක් නැහැ

විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ලැයිස්තුවට රජයේ බලපෑමක් නැහැ - ජනාධිපති කාර්යයාලය

by Staff writer 28-05-2020 | 10:05 AM

COLOMBO (News 1st) - විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී සකස් කෙරෙන ලැයිස්තුවට රජයේ කිසිදු බලපෑමක් සිදු නොවන බව ජනාධිපති කාර්යයාලය අවධාරණය කරයි.

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේ, නිව්ස් ෆස්ට් සංවාදයකට එක්වෙමිනි.