ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 28-05-2020 | 6:10 AM

දේශීය පුවත්

1. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලට අනුව මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නැහැ – නීතිඥ නිෂාරා ජයරත්න: ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තා අනුව රටේ කොවිඩ් 19 මර්දනය කර ඇති බවත්, මහ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නොමැති බවත් ජනාධිපති අතිරේක ලේකම් (නීති) හා නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නිෂාරා ජයරත්න කියයි. 2. "තොණ්ඩමාන් අහිමි වීම සමජයට දැඩිව දැනෙනු ඇති” – ජනපති: ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් තමා බලවත් සංවේගයට පත් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 3. සහල් වර්ග කිහිපයක උපරිම මිල සංශෝධනය කෙරේ: සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල සංශෝධනයක් සිදු කර තිබේ. 4. ආරුමුගන් තොණ්ඩමාන් වෙනුවට ජීවන්ට නාමයෝජනා දෙන්නැයි, ඉල්ලීමක්: අභාවප්‍රාප්ත ආරමුගන් තොණ්ඩමාන් මහතා වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ජීවන් තොණ්ඩාමන් මහතාට නාම යෝජනා ලබා දෙන ලෙස කම්කරු කොංග්‍රසය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදෙස් පුවත්

5. අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි: අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.