COLOMBO (News 1st)6.50Pm : මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ විදෙස්ගතව සිට පිමිණි පිරිස අතරින් තවත් ආසාදිතයින් 17ක් හඳුනා ගැනීමත් සමගයි.
ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 34කි.

-----------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st)5.45Pm : තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, විදෙස්ගතව සිට පිමිණි පිරිස් අතරින් මෙම ආසාදිතයින් 15 දෙනා හඳුනාගත් බවයි.
මීට අමතරව අද දිනයේ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනකු ද හඳුනා ගැනිණ.
ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 17ක් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1486ක් දක්වා ඉහළ ගොස් තිබේ.

----------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st): කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1471ක් දක්වා ඉහළ යනු ඇති.
දැනට ආසාදිතයින් 716ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 745කි.
