ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 2500 ක්..

ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 2500 ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

by Staff writer 28-05-2020 | 12:09 PM

COLOMBO (News 1st) - "එක සමාන ගිවිසුමක් නමුත් ආණ්ඩුව වෙනස්"

එක් ගොවියෙක් අද උදෑසන සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ කම්පන සහගත කැබිනට් නිවේදනය විස්තර කරනු ලැබුවේ ඒ ආකාරයටයි. තව ත් කිරි ගවයින් 2500 ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ආණ්ඩුව අද උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිවේදනය කළේය. මෙම තීරණය ප්‍රකාශ වන්නේ, මීට පෙර කිරි ගවයින් ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගෙනැවිත් නොගැලපෙන කාලගුණය හේතුවෙන් කිරි ගවයින් සමූහ වශයෙන් මියගොස් වසරක් යාමටත් මත්තෙන්ය. සමකැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ, මෙම කැබිනට් යෝජනාව සභාගත කළේ ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීමේ පරමාර්තයෙන් ඊට අදාළ ආයෝජනයක් වශයෙන් බවයි. කිරි ගොවීන් චෝදනා කළේ, මීට පෙර කිරි ගවයින් ආනයනය කළ විට ඔවුන්ට එම ගවයින් විකුණනු ලැබුවේ බොරු පොරොන්දු දීමෙන් බවය. එම බොහෝ කිරි ගවයින් අසනීප තත්ත්වයෙන් පෙළී මිය යාම ඊට හේතුව වේ. මෙම ගනුදෙනුව දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර විගණකාධිපතිවරයා විසින් පිළියෙළ කරන ලද වාර්තාවකින් මවිතයට පත්වන කරුණු විශාල ප්‍රමාණයක් හෙළිවිය. අද උදෑසන කැබිනට් මාධ්‍ය හමුවේදී සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ⁣මෙම තීරණය දේශීය කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තියේ එක් කොටසක් බවය. මේ පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ABC පුවත් සේවයේ වාර්තාව - https://www.youtube.com/watch?v=Cvh9ijPnero https://www.youtube.com/watch?v=SZ2TeLmyHnM