COLOMBO (News 1st) - දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයින් ගණන ඊයේ (27) වාර්තා විය.
ඒ, ඊයේ දිනයේ ආසාදිතයින් 150 ක් හඳුනාගැනීමත් සමගය.
ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 1469 ක් දක්වා වැඩිවී තිබේ.
ඉන් 97 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය.
සෙසු 53 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍යය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
කෙසේවෙතත් මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 727 දෙනෙකු පමණි.
732 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.