තොණ්ඩමාන්ගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට

ආරුමුගන් තොණ්ඩමාන්ගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට

by Staff writer 28-05-2020 | 7:40 AM

COLOMBO (News 1st) -අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවේ ය.

රාජගිරිය නිවසේ තැන්පත්කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද උදෑසනත් දේශපාලඥයෝ, ඥාතීහු ඇතුළු විශාල පිරිසක් පැමිණියහ. අනතුරුව අද උදෑසන ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගියේ ය. එහිදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක කරූ ජයසූරිය, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් තොණ්ඩමාන් මහතාගේ දේහය භාර ගත් අතර අනතුරුව එය විශේෂ පීඨිකාවක තැන්පත් කළේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ආරුමුගම් තොණ්ඩමාන් මහතාට අවසන් ගෞරව දැක්වී ය. දේහය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් රැගෙන ගියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුවයි. අනතුරුව ආරුමුගම් තොන්ඩමාන් මහතාගේ දේහය ලංකා කම්කරු කොංග්‍රසයේ පක්ෂ කාර්යාලය වන සෞම්‍ය බවන් වෙත රැගෙන එනු ලැබී ය. තොණ්මාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ නෝර්වුඩ් ප්‍රදේශයෙදී සිදුකිරීමට නියමිතව තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/860043951150800/