by Staff writer 28-05-2020 | 7:37 AM
COLOMBO (News 1st) - නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කළ හැකි බවය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවල මි.මී.150 ට වැඩි වර්ෂාපතනයන් ද ඇති විය හැකිය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිවේ.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.